Creating high street carnivores

asiri pedeep Ruwan thilka Start Date: Dec 7, 2024 - End Date: Apr 6, 2025
  • ශ්‍රී ලංකාව

My Travel Story

by: asiri pedeep Ruwan thilka Start Date: Dec 7, 2024 - End Date: Apr 6, 2025
සත්ත්ව සුබසාධන පනත ඇයි...?
 
ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ සිදුවන සත්ත්ව හිංසනයන්ගෙන් සතුන් ආරක්ෂා කරගැනීමට සහ සතුන් වෙනුවෙන් සුබසාධනය සැලසීම සඳහා දැනට පවතින සත්ත්ව සුබසාධන පනත යාවත්කාලීන කිරීම ඉතාමත් අත්‍යාවශ්‍ය පියවරකි. සතුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් දැනට පවතින නීතිය වසර 100කට පෙර 1907දී පනවනු ලද සත්ත්ව හිංසනය වැළැක්වීමේ ආඥාපනත යි. එය යල්පැන ගිය නීතියක් වන අතර ඒ හරහා සතුන් නිසිලෙස ආරක්ෂා නොවේ. වර්තමාන තත්වය සැලකිල්ලට ගනිම්න් සතුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම නීතිය පුමාණවත් නොවන බැවින් ශ්‍රී ලංකාව නව නීතියක් අවශ්‍ය වේ. 
 
පැරණි ආඥාපනත සතුන් පණනැනි වස්තූන් ලෙස සලකන අතර, එය සත්ත්ව සුභසාධනය සම්බන්ධයෙන් ගෝලිය ප‍්‍රමීතීන්ට අනුකූල නොවේ. එසේම එම ආඥාපනත සතුන් අතිශය පටු ආකාරයෙන් නිර්වචනය කර ඇති අතර එය අදාළ වන්නේ බළලූ‍න්, බල්ලන් සහ කුරුල්ලන් වැනි ගෘහස්ථ සතුන් සහ වහල්භාවයේ සිටින අනෙකුත් සතුන් සඳහා පමණි. 
 
මෙම අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සුදුසු නීතියක් ගෙන ඒමේ අරමුණින් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව (1051* පනත් කෙටුම්පත ආරම්භකළේ මෙම තත්ත්වය සැළකිල්ලට ගැනීමෙන් පසුවය. මෙසේ සකසන ලද පනත් කෙටුම්පත 2006දී එවකට පැවති ආණ්ඩුවට භාරදෙන ලදි. 
 
පැරණි නීතියට අනුව ඇති දඩුවම්වලින් සත්ත්ව අයිතිවාසිකම් ආරක්ෂා නොවන අතර ඒ යටගේ දිය හැකි උපරිම දඩුවම් මුදල වන්නේ රුපියල් 100/-ක් හෝ මාස තුනක සිර දඬුවමක් පමණි. එහෙත් වර්තමානයේ පවතින තත්ත්වය යටතේ මෙය කිසිසේත්ම ප‍්‍රමාණවත් දඬුවමක් නොවේ. නමුත් නව පනත් කෙටුම්පත මේ තත්තවය හොඳින් අවධානයට ගෙන දඬුවම් තරකර තිබේ. නව පනත් කෙටුම්පත යටතේ දඩමුදල් රුපියල් 125,000/- සහ සිර දඬුවම් වසර හතර දක්වා දීර්ඝ කළ හැකිය. 
 
වර්තමාන කැබිනට් අනුමැතිය ලැබී තිබෙන මෙම සත්ත්ව සුබසාධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මතකරවා ගැනීමට අපි එකතු වෙමු. අහිංසක සතුන්ගේ ද ජීවිත ආරක්ෂාකිරීමට සහය වෙමු. සතුන් යනු මිනිසුන් වෙනුවෙන් කුරිරු ලෙස හෝ හිංසාකාරී ලෙස යොදාගතහැකි පිරිසක් නොවන බවත් අප මෙන්ම පරිසරයේ වෙසෙන තවත් පීවීන් පිරිසක් බවත් අවබෝධකරගගිමු...!
 
 #AnimalWelfareBill #SriLanka #beavoiceforthevoiceless #DVA #DharmaVoicesForAnimals #animalwelfarebillsrilanka #AnimalWelfare
  • ශ්‍රී ලංකාව